Colombo Today Local News

දැදුරුඔයේ ජල මට්ටම ඉහළට… අදත් තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කරන්නේ, වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව හා රස්නායකපුර ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මේ අතර, බස්නාහිර, මධ්‍යම , සබරගමුව, වයම සහ උතුරුමැද පළාත් වලට අදත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත්කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.

Related posts

පොලිස් අණ නොතැකූ යතුරු පැදියකට ලුහුබැඳ ගිය පොලිසියෙන් වෙඩි ‍

Admin

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

සජිත් පැන්ෂන් යවා විපක්ෂය අපිට දෙන්න

Admin

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday