Colombo Today Local News

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

බොර තෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s vitol asia pre.Ltd. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

2024-1-15 දින සිට 2024-6-14 දක්වා කාලයේ බොරතෙල් මිලදී ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

එම කාලයේ බොරතෙල් නැව් තොග තුනක් 109%ක් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳයා ඇති අතර ඒ සඳහා ලංසු දෙකක් ලැබී ඇත.

එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත අදාල සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

Related posts

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday