Colombo Today Local News

අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති කියයි

ඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේදී රට නැවත වරක් රට අගාධය කරා නොයන ආකාරයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු අතර රාජ්‍ය වියදම අඩුකර ගනිමින් ආදායම වැඩිකර ගැනීමට මෙතරම් අවධානය යොමුකළ යුගයක් මීට පෙර නොතිබුණු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උතුම් උඳුවප් පොහෝ දිනය අදයි

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය සැකෙවින්

colombotoday

“හමුදාවෙන් අපට කරදරයි.. උතුරෙන් අඩු කරල දෙන්න” – විග්නේශ්වරන් බ්‍රිතාන්‍ය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday