Colombo Today Local News

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට තම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

රජයන් වෙනස් වන විට හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බැවින් එම කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සැකසූ බව අමාත්‍යවරයා කීය.

දැනට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ යෝජනා එම ඇමිණුමක් වශයෙන් ඇතුළත් කිරීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා ජාතික විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට දැනුම් දුනි.

Related posts

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

colombotoday

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

බස් ගැමුණුට බැහැ දොස්තරලා හිරේ යවන්න.. සයිටම් තීන්දුව ඉදිරියේදී වෙනස්විය හැකියි !!

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday