Colombo Today Local News

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කියයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ, වාහන ආනයන කැපීපෙනෙන ලෙස පහළයෑම මගින් ඒ මත පනවා ඇති බදු ආදායම අහිමි වීමද මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීවලී අරුක්ගොඩ මහතා මේ බව කීය.

මේ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ බදු ආදායම් පුළුල් කිරීමේ ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

Related posts

සෙනග නෑ… මහේෂ් සේනානායක රට වටා රැලි නවත්වයි

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin

පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ

colombotoday

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin

සමගි ජන බලවේගයේ පෙත්සම් ලබන සතියේදී කැදවන්නැයි ඉල්ලා මෝසමක්

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday