Colombo Today Local News

අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් මීගහතැන්නේ නිවෙසකින් හමුවෙයි

මීගහතැන්න මහකළුපහන, මල්ලිකාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අත් බෝම්බ,කඩු කිනිසි, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ තොගයක් සමග සැකකරුවකු මීගහතැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන thibee.

මහකළුපහන ,මල්ලිකාගොඩ, පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී විදේශීය රටක නිශ්පාදිත ජිව අත් බෝම්බයක් කඩුවක්, උල් පිහි 02 ක් වායු රයිෆල් 01ක් ( අංක රහිත) බෝර 12 හිස් පතොරොම් 06 ක් 5.56mm වර්ගයේ පතොරොම් 01ක් 9.mm වර්ගයේ ජිව පතොරම් 01 ක් T 56 ජීව උණ්ඩවලින් ඉවත් කරන ලද නෝස් 18 ක් අංක 2022207268112 දරන වායු රයිෆල් උණ්ඩ 111 අලි දත් (හකු) 02ක් ගෝන අං කැබැල්ලක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වලාන දූෂණ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතාට ලබාදුන් තොරතුරක් අනුව කළුතර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රා පද්මලාල් යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි මීගහතැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයසිංහ,උප පොලිස් පරීක්ෂක පුබුදු,පොලිස් සැරයන් (3664) රුද්‍රිගු,පොලිස් කොස්තාපල් රියදුරු (83647) දීප්ති යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ජීව අත්බෝම්බය ඇතුළු මෙම ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ නිවසේ අල්මාරියකත්, ඇදක මෙට්ටයක් යටත් තිබියදී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

LYCEUM ජාත්‍යන්තර පාසල රජයට පවර ගන්න. | දෙමාපියෝ විරෝධතාවයක

colombotoday

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday