Colombo Today Local News

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

ලංකා සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650කි.

මේ අතර දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි.

මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල 1100කි.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090කි.

කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා ඇත.

මෙම නව මිල සංශෝධනය හෙට (19) සිට ක්‍රියාත්මක වනු ඇති.

Related posts

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

නීතීඥ සංගමයේ සභාපති ධුරය ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සට

colombotoday

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday