Colombo Today Local News

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එයින් එළියට පැන නඩු කටයුතු සඳහා පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් ඒ මොහොතේම පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව පාලනය කර සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගෙල සිරවීමකට ලක් වූ නීතිඥවරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර කළු වන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

මෙම තිස් හැවිරිදි පුද්ගලයා ගංජා මිලි ග්‍රෑම් 760 ළඟ තබාගත් බව කියමින් ගලගෙදර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරතිබිණි.

Related posts

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

ලොව ගැඹුරුම නදිය දිගේ, අරුමැති කොංගෝ මහ වනයේ සවාරියක් !

colombotoday

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

Admin

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday