Colombo Today Local News

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ලාංකිකයිනුත් – 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටසට යයි

ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

එම පිරිස ගාසා තීරයේ වෙසෙන අනෙක් පිරිස් සමග ඊජිප්තුව වෙත ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කරයි.

“මේ වන විට විශේෂයෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන්කොට තියෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27ක් සිටින බව පලස්තීන කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 අනෙකුත් පිරිස සමඟ ඊළඟට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා. ඔවුන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ ඒ සඳහා කටයුතු සම්පාදනය කිරීම පලස්තීන කාර්යාලය විසින් සිදුකරනු ලබනවා. ඒ අතරතුර රතු කුරුස සංවිධානය දැනට ඉල්ලීමක් කරලා තිබෙනවා, හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ඔවුන් සැකකරන 150ක් පමණ වූ ඊශ්‍රායල සහ විදේශික ජාතිකයන් ඔවුන්ගේ අත්අඩංගුවේ තිබෙනවා. ඒ අත්අඩංගුවට පත්වෙලා ඉන්න සියලුදෙනාගේ විස්තර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් ඒ අතර සිටින බව දැනට සනාථ වෙලා තිබෙනවා. මං හිතනවා ඒ විස්තර ලැබුණොත් අපේ අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම ස්ථානයේ තිබෙනවා නම් අපිට ඒ තොරතුරු ලබාගැනීමේ හැකියාව තියෙනවා.”

Related posts

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

Admin

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday