Colombo Today Local News

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා හඳුනාගනී

මීට දින දෙකකට පෙර ජෝර්දානයේ සිට අනවසරයෙන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළුවීමේ දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාවය තහවුරු වී තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 50ක් වූ ජේ.ඒ. චමිලා තුෂාරි සහ වයස අවුරුදු 44ක් වූ කේ. ඒ. ශ්‍රියානි මංජුලා කුලතුංග යන කාන්තාවන්ය.

මෙම කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමාව හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වූ බැවින් ඔවුන් නැවතත් ජෝර්දානයට යවන බව ද නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු සිදුකරන බවයි.

Related posts

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම නවතා තානාපති සම්බන්ධකමුත් අත්හැරදැමිය යුතුයි – අජිත් පී පෙරේරා

colombotoday

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

colombotoday

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

ඔලිම්පික් යන වැදි පරපුරේ පුංචි බණ්ඩා, රටවල් 60ක ක්‍රීඩකයන් 600ක් පරදා පෙරටම…

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin