World

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

ගාසා තීරයට මායිම්ව පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට කටයුතු කරන බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසා තිබේ.

සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීම සිදුවන්නේ එම වැසියන් ජීවත් වන නගරවල ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණින් යැයි පැවැසෙයි.

මේ වනවිට ඊශ්‍රායල හමුදාව සහ හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි සියල්ල හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වල නියැලෙමින් සිටී.

එහෙයින්, ගාසා තීරය ආසන්නයේ පිහිටි කුඩා නගරවල ආරක්ෂාව, නගර වැසියන්ට පැවැරීමට තීරණය කළේ යැයි ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

Related posts

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

ඉන්දියාවේ ගමකට අශූචි ගුලියක් ගුවනින් වැටෙයි.. වෙනත් ලොවකින් ආ වස්තුවක් කියා ගැමියෝ පුද පූජා පවත්වති

colombotoday

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin