Colombo Today Local News

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කරන්නේ, ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටින්නේ, එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

Related posts

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

ඇසල පුර පස‍ලොස්වක පොහොය අදයි

colombotoday