2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ, අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුම්දීමක් සිදු කරන බවයි.
මෙවර සිසුන් 45,000ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.