Colombo Today Local News

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ වලින් – ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවෙයි

සීතා ඇතින්නට මහියංගනය රජමහා විහාරය අසලදී වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බවට තහවුරු වී ඇත.

ඊයේ (03) දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවෙන් මේ බව සනාථ වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේය.

“ඇතින්නට ස්කෑන් පරීක්ෂණයක් කරලා තියෙනවා. එක්ස් රේ එකකුත් කරලා තියෙනවා. එක්ස් රේ මැෂින් එකට පුළුවන්කමක් තිබුණේ නෑ පපුව හරහා ගිහින් හොඳ එක්ස් රේ එකක් ලබාදෙන්න. නමුත් ස්කෑන් එකෙන් පෙන්වා තුවාල 7ක් තියෙනවා. ඒ තුවාලවල ජීව උණ්ඩ කියන ලෝහයකින් හදපු දෙයක් මේවායේ තියෙනවා කියලා. ඒකෙන් පැහැදිලියි අපිට මේ තියෙන්නේ ප්ලාසිටික් නෙමෙයි මේ තියෙන්නේ ලෝහ කෑලි කියලා. අපිට හොඳටම විශ්වාසයි මේ උණ්ඩ, ජීව උණ්ඩ කියලා. ඉවත් කළ යුතුයි නමුත් අපි තාම තීරණයක් අරන් නෑ.”

Related posts

මංගලගේ “ගම්පෙරළියට“ රුපියල් බිලියන 30 ක්…

colombotoday

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

බුදු පිළිම තැබුවොත් යහපාලනය නැතිවෙනවායි කියූ මන්ත්‍රී මන්සූර්ට, ඇමති දයා කෙළින් කියු කතාව (VIDEO)

colombotoday

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday