Colombo Today Local News

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

අදාළ පාර්ශ්ව සමග කිසිදු සංවාදයකයින් තොරව, ශ්‍රී ලංකා රජය මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒමට උත්සාහ දැරීම පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර තිබේ.

මෙම සංවිධානය ආසියානු කලාපයේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සමූහයක එකතුවකි.

ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයට ඇමසන්, ඇපල්, බුකින් ටොඩ් කොම්, එක්ස්පීඩියා ගෲප්, ගූගල්, ගෝ ටූ, ග්‍රෑබ්, ලයින්, ලින්ක්ඩ් ඉන්, මෙටා, පින්ටරස්, රැකුටෙන්, ෂොපිෆයි, ස්නැප් ඉන්කෝපරේටඩ්, ස්පොටිෆයි, ට්විටර් සහ යාහූ යන සමාගම් ඇතුළත් වේ.

ඔවුන් නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ, යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මෙන්ම විරෝධය පලකිරීමට ඇති අවස්ථාව අහිමිකරන කෲර නීතියක් බවයි.

  • නිවේදනය ඇසුරෙන් උපුටා ගැනීම –

“අපගේ සාමාජිකයින්ගේ සේවාවන් භාවිත කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි ඉතා බරපතල ලෙස සැලකිලිමත් වන අතර නීති හරහා නවෝත්පාදනය යටපත් නොවිය යුතුයි. අපි ශ්‍රී ලංකා රජයට තරයේ බලකර සිටින්නේ, ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කර සාධාරණ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල හා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සහය දෙන රෙගුලාසි වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.”

Related posts

පාසල් දරුවන්ට පෝෂණීය දිවා ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

Admin