Colombo Today Local News

චීනයේ කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවෙි එළවළු, පළතුරුවලට ඉදිරිපත් කරන්නැයි ආරාධනයක්

චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කර තිබේ.

ලබන දෙසැම්බර් මාසයේ දී එම ප්‍රදර්ශනය පැවැත්වේ.

චීන හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Gu Gang මහතා ඇතුළු නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණ මෙම ආරාධනාව කර තිබේ.

මෙහිදී එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ වී වගාව සම්බන්ධව ද සාකච්ඡා කර ඇත.

හයිනෑන් වී වගාව ප්‍රමුඛ කර ගත් ප්‍රාන්තයක් බවත් එම පළාතේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න කිලෝග්‍රෑම් 7500ක් බවත් චීන නියෝජිතයෝ පැවැසූහ.

දැනට මෙට්‍රික් ටොන් 4.5 – 5.0 දක්වා වන ලංකාවේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා හයිනෑන් ප්‍රාන්තයේ තාක්ෂණික සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ පළතුරු සම්බන්ධව කරුණු දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට අපනයනය ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල්, කටු අනෝදා, පැෂන් පෘට්, පැපොල්, හා අන්නාසි ද මෙරට වගා කරන බව සඳහන් කළේය.

Related posts

බන්ධනාගාරයේදී දුරකතනයක් සන්තකයේ තබාගත් රිෂාඩ් බදුර්දීන් නිවැරදි කරු යැයි කියයි.

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

colombotoday

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday