Colombo Today Local News

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

මාස හතරක කාලය තුළ ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-11-1 දින සිට 2024-2-29 දින දක්වා ඉදිරි මාස හතරක කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබිණි.

ඒ සඳහා ලංසු පහක් ඉදිරිපත්ව තිබූ අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත M/s petrochina International(Singapore) වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday