Colombo Today Local News

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

රුපියල් මිලියන 300ක් පමණ වටිනා කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(24)දින පස්වරුවේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

බිස්කට් ටින් තුනක අසුරා ඔහු මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති කොකේන් ප්‍රමාණය, කිලෝ 4 කි.

34 හැවිරිදි සැකකරු, ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළේ සිට කටාරයේ දෝහා ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණ ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා
වැඩි දුරටත් සඳහන් කළේ ය.

Related posts

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

මහ කන්නය විනාශයි. ජනවාරි කන්නයටවත් එකම කෘෂි රසායනයක් ගෙන්වන්න අවසරය ලබාදීලා නෑ. – රෝහිණී කවිරත්න

colombotoday

වන විනාශයන් නතර කිරීමට සියළු ආරක්ෂක අංශ එක්කර කඩාපනින හමුදාවක්

colombotoday

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin