Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12දා තමන් එවූ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසීය.

අදාල සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරයවෙමින් පවතින බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.

එම සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06ක් බාරදෙන ලද අතර එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් මේ අනුව අවස්ථාව සලසාදී ඇතැයිද කතානායකවරයා ප්‍රකාශ කළේය.

Related posts

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතකයින් සොයා විමර්ශන

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday

ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන් නම් සරසවි ගමන සිහිනයක්‌මයි !

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

colombotoday

දිවයින පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කෙරේ…

Admin