Colombo Today Local News

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

ගොතටුව ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන අඩි 16ක් පමණ ගැඹුරු වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇඳවැටී අනතුර සිදුව තිබේ.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

ආණ්ඩුවේ ‘පික්පොකට් න්‍යාය’ ගැන හිටපු ජනපති කියන දේ (VIDEO)

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

අගමැතිගේ 40වසරක පාර්ලිමේන්තු දිවි සැමරුමට දුප්පත් පවුලකට නව නිවසක් (Photo)

colombotoday

“අවුරුදු පහකට බලයට ආපු මිනිහට අනාගත පරම්පරා විස්සක් තිහක් උකස් තියන්න බෑ” – විජයදාස නැවත හඬ අවදිකරයි

colombotoday

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday