Colombo Today Local News

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන තිබේ.

ඊයේ (14)දින කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීමේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් තිබූ අතර එහිදී ක්‍රියාත්මකවු පොලිස් කොස්තාපල්වරයෙක් ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස අතුරුදහන් වී තිබුණි.

ඊයේ සවස් වනතුරුත් කොස්තාපල්වරයා සොයා ගැනීමට නොහැකි වූ අතර, අද (15)දින ඔහුගේ සිරුර පුදුඅයියන්කුලම ප්‍රදේශයෙන් ගොඩගෙන තිබේ.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් චතුරංග නමැති අයෙකි.

ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට වහාම පියවර ගන්න..විමල් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin