Colombo Today Local News

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වී තිබේ.

කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා අදාළ නිලධාරියා ගොස් තිබුණි.

මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (14) දහවල් එම වැටලීම සඳහා ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති අතර එහිදී ක්‍රියාත්මක වු මෙම කොස්තාපල්වරයා ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදන්වී ඇති බව පැවසෙයි.

අතුරුදන්ව ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday