Colombo Today Local News

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

යාපනය,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු භාරගන්නා රෙජිස්ටාර්වරයා විසින් මේ බව පොලීසියට පැමිණිලි කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම නඩු බඩු කාමරය පිහිටා ඇතැයි පොලිසිය පවසයි.

කිසිවකු විසින් මෙම කේරළ ගංජා තොගන හොරාගෙන යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පිටස්තර අයකු භාණ්ඩ කාමරේට ඇතුළු වී මේවා සොරා ගෙන යෑමට ඇති ඉඩකඩ බෙහෙවින් ම අඩු බව පොලීසිය පෙන්වා දෙයි.

Related posts

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

දිනෙන් දින ඉහල යන උද්ධමනය

Admin

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin