Colombo Today Local News

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

chandrika bandaranayake

යුද්ධය ජයග්‍රහණය කළද සාමය ජයග්‍රහණය කිරීමට පසුගිය ආණ්ඩුවට හැකියාවක් නොවුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

කෙසේ වෙතත් පැවති යුද්ධයෙන් රට බෙදුම්වාදයට නොගොස් මෙරට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බව ඇය කියා සිටියේ අද(15)කොළඹ,ජනාධිපති මාවතේ පිහිටි ජාතික සංහිඳිවා කාර්යාංශයේ පැවති ‘ජාතික සංහිඳියාව සඳහා මාධ්‍ය සාමූහිකත්වය’පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

යුද්ධය දිනුවද ඉන් ඉක්බිතිව ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමටත්,එය පවත්වාගෙන යාමටත් හැකි නොවුණු බව කුමාරතුංග මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

මෑත කාලයේ බලධාරීන් විසින්ද ජාතීන් විරසක කිරීමට හා අසමගිය වර්ධනය කිරීමට උඩගෙඩිදීමක් දැකිය හැකිවූ බව ඇය පෙන්වා දුන්නාය.

ජාතීන් අතර සුහදත්වය වර්ධනය කරලීමට,සංහිඳියාව ගොඩනැඟීමට අධ්‍යාපනයට කළ හැකි කාර්යභාර්ය ඉමහත් බවද,සංවර්ධනය තුළින් ඊට උපරිම දායකත්වයක් දැක්විය හැකි බවද ඇය සඳහන් කළාය.

ද්‍රවිඩ ඩයස්පෝරාවේ පිරිසක් මෑතකදී තමන් ඇතුළු පිරිසක් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත්,උතුරේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීම සඳහා ආධාර කිරීමට ඔවුන් ඉදිරිපත් වූ බවත් ඇය සිහිපත් කළාය.

පසුගිය වසර ගණනාවක කාලය තුළ උතුරේ මව් වරුන්ට ලිංගික අල්ලස් ‍නොදී කිසිදු කටයුත්තක් කරගත නොහැකි තරම් කනගාටුදායක තත්ත්වයකට ඇදවැටී ඇති බවත්, මේ තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

නැගෙනහිර මහ ඇමති හමුදා නිලධාරියාට බැන්නා කියා පැමිණිල්ලක් නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

අමරපුර මහා නා හිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද නිදහස් චතුරශ්‍රයේදී..

colombotoday