Colombo Today Local News

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට 80% ක් පමණ අවසන් බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි පළමුවැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ක්‍රියාත්මක ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 850 කි.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා අති නවීන දොඹකර 12ක් සවිකිරීම ව්‍යාපෘතියේ පළමු අධියරේදි සිදු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මේ අතර, කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම්ද මේ වනවිට 20% කින් පමණ අවසන් කර ඇති බව කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

අදානි සමාගමේ ආයෝජනයක් වන ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 850 කි.

ලබන වසරේ නොවැම්බර් මාසයේ එහි පළමු අදියරේ මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නැගෙනහිර හා බටහිර පර්යන්ත ඉදිකිරීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 15 ක් දක්වා දෙගුණයකින් ඉහළ යන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

Related posts

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin