World

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ.

‘ආධිත්‍යා එල්.1’ හිරු අසලටම නොයන අතර යානය රැඳවෙනු ඇත්තේ හිරු සහ පෘථිවිය අතරේ ඇති, තාරකා විද්‍යාඥයන් විසින් ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන නමින් හැඳින්වෙන ස්ථානයේය.

මෙම ස්ථානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරිනි. මෙම ස්ථානයට යෑමට ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානයට දින 125 ක් ගතවෙයි.

‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, අභ්‍යවකාශය හරහා ‘ලග්‍රාන්ජ් පොයිට්’ යන වෙත යන්නේ පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා යමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසුවය.

ඉන්දියාව, හිරු ගවේෂණයට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

Related posts

විවිධ පුද්ගල නීති අනුගමනය කිරීම ජාතියේ සමගියට හානියක්. – රජය මහාධිකරණයට දන්වයි. – ඉන්දියාවේත් එකම නීතියක් සම්මතවෙන ලකුණු

colombotoday

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

මැතිවරණයට පසු ජනපති සිරගත කිරීමේ සුදානමක්

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday