Colombo Today Local News

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

ගතවූ මාස තුනේදී ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් 42කින් මනුෂ්‍ය ඝාතන 22ක් සිදුවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06)දින පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මෙම අපරාධවලට අදාළව වෙඩික්කරුවන් 9දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒ මහතා කීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේ,

2023/07/13 වැනිදා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධව පොලිස් මූලස්ථානයට වගේම අමාත්‍යාංශයටත් වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් පත්කරලා තියෙනවා. මේකෙදී බලාපොරොත්තු වෙන්නේ යළි ඉස්මතු වීමට තැත් කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ඒ හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත් වීමයි. ඒ සඳහා කෙටි කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සහ දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් නිර්දේශයන් ඉදිරිපත් කර ඒවා පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීම අපේක්‍ෂාවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳව අවුරුදු 10ක ඉතිහාසය අපි අධ්‍යයනය කළා. ඒකෙදී හඳුනාගෙන තියෙනවා ඉදිරි මාස හය තුළ සහ ගතයුතු අවශ්‍ය කරුණු කීපයක් ගැන පසුගිය මාස තුන තුළ ගිනි අවි භාවිත කිරීමේ සිදුවීම් 42ක් වෙලා තියෙනවා. ඒ 42න් 22 ක් මනුෂ්‍ය ඝාතන. සිදුවීම් 17ක දී පුද්ගලයින් බරපතළ තුවාල ලබා තියෙනවා. සිද්ධීන් තුනක දී දේපළවලට හානි සිදුවෙලා තියෙනවා. මේ අපරාධවලින් 31කට අදාළව වෙඩික්කරුවන් ලෙස ක්‍රියා කරපු පුද්ගලයින් 9 දෙනකුව අපි අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ 9 දෙනාගෙන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තු වෙලාවේ පොලිසිය සමග නැත්නම් පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවුණු ගැටුම්වලින් මිය ගිහින් තියෙනවා. තව 7 දෙනෙක් පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. බවයි.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, වෙනත් වසරවලට වඩා අපරාධවල වැඩිවීමක් දක්නට තිබෙන බවයි.

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි – කථානායක මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday