උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ.
කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මිසයිල දකුණු කොරියානු මුහුදු ප්‍රදේශයට පතිත වී තිබේ.
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂිකව සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දීර්ඝ කාලයක සිට උතුරු කොරියාව විසින් අදාළ යුද අභ්‍යාස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.