Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

සමුද්‍රීය පිරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරිපත් කළ අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.

අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉල්ලා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළ කර තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් වන රජයේ එකඟතාව එම සමාගම් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට යොමු වුණි.

Related posts

වැල්ලවත්තේදී බීමත් රියැදුරෙක් සිව් දෙනෙක් යට කර පළායයි – අයෙක් මරුට

colombotoday

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

colombotoday

ජපුරේ ඔ-ළු පලලා ඊයේ තඹුත්තේගම විප්ලවය ඇරඹුවා

Admin

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin