Colombo Today Local News

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල අක්‍රමිකතා විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 5 වැනිදා ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදාද කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන මස 8 වැනිදා ද කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවෙනු ඇත.

මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධානීහු පසුගිය 22 වැනිදා ද ජාතික භාෂා හා පුහුණු ආයතනයේ ප්‍රධානීහු පසුගිය 24 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූහ.

Related posts

හාල් නැවක් මග එනවා.. අඩුවට දෙනවා, ටිකක් ඉවසන්න.. ආණ්ඩුව මූදට දත නියවයි !!

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin