Colombo Today Local News

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස පිහිණුම් තටාකයට ඇතුළු වී ඇත්තේ, කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකි.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, සංජිවනි ගිනිගද්දර මහත්මිය සඳහන් කරන්නේ, සිසුන් විසින් උපදෙස් පිළිනොපැද අනාරක්ෂිතව හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නමැති අවුරුදු 21ක කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවා ඉතා කෙටි කාලයක් තුළ මිහින්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර මිහින්තලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Related posts

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

Admin

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday