Colombo Today Local News

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිලටම ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ආර්ථික මධ්‍යස්ථානවල පාලකයින් හා ගොවි නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ ඇතැම් එළවළු මිල ගණන් ඉහළයාම සම්බන්ධව අදහස් පළ කරමින් ගොවි නියෝජිතයින් කියා සිටියේ, පවතින නියඟය නිසා මෙන්ම පොහොර මිල ඉහළ මට්ටමක පවතින නිසා එළවළු ගොවීන් අසීරුතාවන්ට ලක්ව ඇති බවයි.

එම නිසා වී වගාවට මෙන්ම එළවළු වගාවට ද යුරියා පොහොර සහන මිලකට ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා, නුවරඑළිය, බදුල්ල, දඹුල්ල, ආදි ප්‍රදේශ ගණනාවක ගොවීන් සමග කළ සාකච්ඡාවල දී එළවළු වගාව සඳහා සහන මිලකට යුරියා පොහොර ලබා දෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්, එමනිසා ලබන මහ කන්නයේ සිට එළවළු ගොවීන්ට වී වගාව සඳහා යුරියා පොහොර ලබා දෙන මිල ගණන්වලටම යුරියා පොහොර ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

Related posts

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

පා ගමනට කෝටි දෙකකට වැඩියෙන් ආවා.. සෙනග දැකල සමහරු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා – ගීතා

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday