Colombo Today Local News

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කරන්නේ, මේ වනවිට තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.

විනාශ වූ බව පවසා කුඹුරුවලට ගිනි තැබූ කිසිදු පුද්ගලයෙකුට රක්ෂණ වන්දි ලබා නොදෙන බවද පණ්ඩුක වීරසිංහ මහතා කියා සිටි.

වියළි කාලගුණයෙන් හානියට පත් වූ වී ඇතුළු බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මෝටර් රථයක් අඩි 500ක් ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

කොරෝනා මුස්ලිම් මළසිරුරු භූමි දානය මාලදිවයිනට

colombotoday

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර..

Admin

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday