Colombo Today Local News

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි.

කාන්තාවන්ට වැළඳෙන පිළිකා සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (16)දින පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පත්මක ද සිල්වා මහතා කියා සිටියේ, “කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා තමයි ගැබ්ගෙල සහ පියයුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා. කාන්තාවක් ලිංගිකව සක්‍රීය නම් වයස අවුරුදු 35ත් 45ත් අතර වෙනවා නම් සුවනාරී සායනවලට සහභාගී වෙන්න.”

වැඩි දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා මහතා,

“ඔසප්වීම අවසන්වී 07 වන හෝ 10 වන දවසේ වගේ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදුකර ගන්න පුළුවන්. අදටත් අපි දකිනවා පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා. වර්ථමානයේදීත් කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත් මදි. අපි ඔබට ආරාධනා කරන්නේ ගම් මට්ටමේ ඔබේ සායනයට යන්න. එහි සියලු පහසුකම් තියෙනවා. ඔබගේ පෞද්ගලිකත්වයට සහ රහස්‍ය භාවයට කිසිඳු හානියක් සිදුවෙන්නේ නැහැ.”

Related posts

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday