Colombo Today Local News

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15) උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ තරුණයෙකි.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට රෝහණට දේශපාලන පළිගැනීම් සෙවීමේ කොමිසමෙන් නොතීසි

colombotoday

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday

එප්පාවල නිවසක දී ද්විත්ව ඝාතනයක්

colombotoday

ආරක්ෂාවට ඇදක් වටා සවිකර තිබූ වැට මාස හතේ සිඟිත්තියට මරු කැඳවයි

Admin