Colombo Today Local News

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවත් නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව ද ඒ මහතා කීය.

පානීය ජල මුලාශ්‍රය පිරිසිදු නොවන බවට ඔබට යම් සැකයක් තියෙනවා නම් අඩුම තරමේ ඒ ජලය උණුකර නිවා පානය කරන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටි.

Related posts

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

Artificial Intelligence පෙන්නන්න ගිහින් හත්පොළේ ගාගනී… උගතුන් හා තරුණ පරපුර ගොනාට ඇන්දුවේ යැයි චෝදනා !

colombotoday

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

colombotoday

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday