Colombo Today Local News

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

එටිසලාට් දුරකථන සමාගම විසින් 2%වන ජාතය ගොඩනැගීමේ බද්ද වෙනුවට මේ වනවිට 4% ක මුදලක් පාරිභෝගිකයන්ගෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද ලෙස අයකරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව පැමිණිලි කරමින් එම ඔවුන් පවසන්නේ මේ පිළිබදව සොයා බලා හැකි ඉක්මනින් අදාළ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එම ලිපියේ එටිසෙලාට් සමාගම විසින් අසාධාරණ ලෙස කරන අය කිරීම් සම්බන්ධ හෙළිදරව්වක්ද කර තිබේ.

නව නීති රීතිවලට අනුව රුපියල් 2ක ඇමතුමක් සදහා අයකළ යුතු ගාස්තුව රුපියල් 2.54 ක් බවත්, රුපියලක (01) ක ඇමතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.27 ක් බව ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

කෙසේවුවද, අදාල සමාගම රුපියල් 2 ක ඇමතුමක් සදහා අයකරන ගාස්තුව රුපියල් 2.66 ක් බවත්, රුපියලක (01) ක මතුමක් සදහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 1.33 ක් බවත් සඳහන් කර ඇත.

දිනකට අදාල සමාගම මෙමගින් රු මිලියනයක මුදලක් අනිසි ආකාරයට උපයන බවටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපිය පහත දැක්වේ.

Related posts

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

colombotoday

අද – හෙට හා අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

colombotoday

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin