Colombo Today Local News

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.

කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ, 36 හා 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ 36 හැවිරිදි සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.

වෑන් රථයේ රියැදුරු අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

තුවාල ලැබු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවු බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන් සිව් දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

එලෙස ප්‍රතිකාර ලබන්නේ, අවුරුදු 55ක පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 11ක සහ 06ක පිරිමි දරුවන් දෙදෙනෙක් සහ අවුරුදු 08ක දැරියකි.

මිය ගිය අයගේ මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත.

Related posts

සයිනොෆාම් එන්නත ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ OIC කූඩුවට

colombotoday

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණයි ඉල්ලීම්වලට ඇහුන්කන් දුන්නා නම් රට මැයි මාසයේ විවෘත කරන්න තිබුණා-රනිල්

colombotoday

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday

ජල ගාස්තුවත් ළගදීම වෙනස් වෙයි !!

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday