Colombo Today Local News

වැඩි කළ ජල ගාස්තු මෙන්න

අගෝස්තු 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමා තිබේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 5 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් භාවිත කරන ගෘහස්ථ ජල සැපයුම් සඳහා අය කෙරෙන මාසික ගාස්තුව, රුපියල් 300 කි.

ඒකක 31ත් 40ත් අතර ජල සැපයුමක් භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් මාසිකව රුපියල් 1500ක ගාස්තුවක් අය කෙරේ.

ඒකක 41ත් 50ත් අතර ගෘහස්ථ ජල සැපයුම් ගාස්තුව, රුපියල් 3000 කි.

ඒකක 76ත් 100ත් අතර භාවිත කරන පාරිභෝගිකයින්ගෙන් මාසිකව රුපියල් 4000ක ගාස්තුවක් අය කර ගැනීමට නියමිතය.

ඒකක 100ට වැඩි ගෘහස්ථ ජල සැපයුම් සඳහා රුපියල් 4500ක් අය කෙරෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ආගමික ස්ථාන, පාසල්, රජයේ අනුමත පුණ්‍යායතන සහ ලාභ නොලබන ආයතන ඒකක 5 හෝ ඊට අඩුවෙන් භාවිත කරන ජල සැපයුම් සඳහා රුපියල් 400ක මාසික ගාස්තුවක් අය කෙරේ.

එම ආයතන, ඒකක 41ත් 75ත් අතර භාවිත කරන්නේ නම් අය කෙරෙන ගාස්තුව රුපියල් 2400 කි.

ඒකක 75 ට වැඩි ජල සැපයුම් සඳහා රුපියල් 3500 ක මාසික ගාස්තුවක් අය කිරීමට නියමිතය.

රාජ්‍ය ආයතන, ආයෝජන ප්‍රවර්ධන කලාප හැර සෙසු කර්මාන්තවලින් ඒකක 25 හෝ ඊට අඩු ජල සැපයුම් සඳහා රුපියල් 500ක ගාස්තුවක් අය කෙරේ.

අදාළ ආයතනවල ඒකක එකසිය එකත්, 200 ත් අතර සැපයුම් සඳහා රුපියල් 2000 ක් ද, ඒකක 20000 ට වැඩි සැපයුම් සඳහා රුපියල් එක් ලක්ෂ 30000 ක් ද වශයෙන් මාසික ගාස්තු අය කර ගැනීමට නියමිතය.

ජල සම්පාදන අමාත්‍යවරයා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත බිල්පත ගෙවන පාරිභෝගිකයින්ගේ බිල්පතේ වටිනාකමින් 1.5%ක් හෝ කාලානූරූපීව නියම කරන මුදලක් අඩු කරනු ලබයි.

නිකුත් කළ දින සිට දින 30ක් ඇතුළත ජල බිල්පත නිරවුල් කිරීමට පාරිභෝගිකයින් පොහොසත් වුවහොත් බිල්පත නිකුත් කළ දින සිට හිඟ ශේෂය සඳහා මාසයකට 2.5% ක් හෝ කාලානුරූපීව නියම කරන අමතර ගාස්තුවක් අය කිරීමට නියමිතය.

දින 30ට වැඩි කාලයක් හිඟ බිල්පත් ඇති පාරිභෝගිකයින්ගේ සේවා සම්බන්ධතා විසන්ධි කිරීමේ බලය, ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සතුවේ.

විසන්ධි කිරීමෙන් අනතුරුව යළි ජල සැපයුම ලබාදීම සඳහා වන ගාස්තුව ද, වැය වන පිරිවැය අනූව ජල සම්පාදන මණ්ඩල සාමාන්‍යාධිකාරිවරයා කලානුරූපීව තීරණය කළ යුතුයි.

යම් නිශ්චිත මාසයක් සඳහා ජලය භාවිත නොකරන පාරිභෝගිකයින් සඳහා අවම මාසික සේවා ගාස්තුවක් සහ එකතු කළ අගය මත බදු අය කෙරෙනු ඇත.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් බලය පවරන යම් නිලධාරියෙකු නිවසට පැමිණ ජල බිල්පත් ගාස්තුව එකතු කරන්නේ නම් ඒ සඳහා ජල සම්පාදන මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා කාලානුරූපීව තීරණය කරනු ලබන පහසුකම් සැපයීමේ ගාස්තුවක් ද ගෙවිය යුතුයි.

Related posts

“අපේ මන්ත්‍රීවරුන් බරපතළ අපහසුතාවයට පත්වෙලා” – මෛත්‍රීගෙන් කතානායකට පැමිණිල්ලක්

Admin

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියි. | නාමල් රාජපක්ෂ කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලයි.

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

ගුගල් ඔස්සේ SEX සොයා ලෝකයේ පළමු තැනට පත් ශ්‍රී ලංකාවට සිදුවූ දේ

colombotoday