World

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයේ දකුණේ වරාය පහසුකම්වලට එල්ල කිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීන් පවසයි.

ධාන්‍ය ගබඩාවකට සහ වරාය යටිතල ව්‍යුහයකට හානි සිදුවී ඇති බව බලධාරීහු පවසා ඇති නමුත් කුමන වරායකටද පහර දුන්නේද යන්න හෙළි නොකළ බව විදෙස් මාධ්‍ය පවස‍යි.

රුසියාව යුක්‍රේනයේ වරායන් ඉලක්ක කර ගැනීම ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ ධාන්‍ය ගනුදෙනුව අත්හැරීමෙන් පසුවයි.

වසරකට පෙර ඇතිකරගත් ගිවිසුමට අනුව යුක්‍රේන සහ රුසියානු අපනයන කළු මුහුද හරහා ආරක්ෂිතව නැව්ගත කිරීම කළ හැකිව තිබුණ බවද විදෙස් මාධ්‍ය පවසයි.

Odesa හි ප්‍රාදේශීය නායක Oleh Kiper පැවසුවේ නවතම රුසියානු ප්‍රහාරය සිදු වූ ස්ථානයේ හදිසි සේවා සේවා ක්‍රියාත්මක වන අතර කිසිදු ජීවිත හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

Related posts

ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයි

colombotoday

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරසයක්

colombotoday