Colombo Today Local News

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධව සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

දිස්ත්‍රික්ක කිහිපයක වගා කර ඇති ඇතැම් කුඹුරු ඉඩම්වල ගොයම් තවමත් පීදී නැති අතර ඇතැම් ප්‍රදේශවල ගොයම් කිරට නමන තත්ත්වයක් පවතී. එහෙත් පවතින දැඩි නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොයම් පැසීමට තරම් අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටළුවට ගොවීහු මුහුණ පා සිටිති.

Related posts

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනපතිගේ නිරීක්ෂණයට‍

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday

ජෝන්, අනුර, චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට…

colombotoday