Colombo Today Local News

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලී තරුණයෙක් මිය යයි

හෝටලයක පිහිනුම් තටාකයකයේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගම මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි 25හැවිරිදි වියේ පසුවූ තරුණ‍යෙකි.

ඔහු මිතුරන් කිහිපදෙනෙකු සමග අදාළ හෝටලය වෙත පැමිණ ඇත්තේ ඊයේ(30) දිනයේය.

එහිදී පිහිනුම් තටාකය භාවිත කර ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයා දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් දියේ ගිලීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

colombotoday