World

නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව, එරට පාර්ලිමේන්තුවට (ලොක් සභාවට) විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි.

මනිපූර් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි.

වාර්ගික ගැටුම් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේය. එම ගැටුම් හේතුවෙන් මේ වනවිට 130 දෙනකු මියගොස් ඇති අතර, 60,000 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 542 කි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට හිමි ආසන 301 කි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගතවී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතුය.

Related posts

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

රුසියා – යුක්‍රේන අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

colombotoday

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි

colombotoday