Colombo Today Local News

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද(26) අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් එම ස්ථානයේදීම මියගිය 21 හැවිරිදි තරුණියගේ සැමියා වන සත්ගුණකුලසිංහම් සුගන්දන් (35) නමැත්තා එලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම නිවසේ පැවති උපන්දින සාදයක් අතරතුර පසුගිය 23 වැනිදා දහදෙනකුගෙන් යුත්පිරිසක් නිවසට කඩාවැදී නිවැසියන්ට පහරදී ඇති අතර පසුව ඔවුන් නිවස ඇතුලට දමා ගිනි දමා තිබුණි.

ඒ සමඟම නිවස ගිනිගෙන තිබූ අතර ගින්නෙන් ළමයින් සිව්දෙනකු හා කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කරනු ලැබූ අතර ෆාතිමා සමීමා සහීඩීන් යන 21 හැවිරිදි තරුණිය පහරදීමෙන් ලද තුවාල සහ ගින්නට හසුවී මියගොස් සිටියහ.

එහිදි බරපතල තත්වයේ සිටි පුද්ගලයා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යාපනය පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කරනු ලැබූ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

ලාෆ් ගෑස් හිඟයක්

Admin

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

Admin

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

ලංකාවේ ප්‍රථම දාගැබ ගැන සඳහන් සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකරයි !

colombotoday

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin