Colombo Today Local News

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.

අද (26) උදෑසන එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැත.

වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

Admin

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

colombotoday

දිය නැමට ගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරියා මිය යයි

Admin

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday