Colombo Today Local News

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

ජාතික සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද (26)දින පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික හමුවට සහභාගි වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, ජනතාව වෙනුවෙන් සාකච්ඡාවට සහභාගී වුවද දේශපාලන උප්පරවැට්ටිවලට හසුවීමට සූදානම් නොමැති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සර්ව පාක්ෂික හමුවට සහභාගීවන බව ප්‍රකාශ කර ඇත.

එහෙත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා තමන් එම හමුවට සහභාගී නොවන බව පවසයි.

ජාතික ජනබලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර ඇත.

ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගය පවසන්නේ, ජනාධිපතිවරයා මෙතෙක් ජාතික ප්‍රශ්නය විසඳීමට ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවයි.

Related posts

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

අවශ්‍ය දේ කරන්න නැතිනම් ආණ්ඩුවට විරුද්ධව ජනතාව සමග පාරට බැස සටන ආරම්භ කරනවා – සජිත්

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

මිනිස්සු රනිල්ට කළගුණ සැලකුවේ නෑ

Admin