Colombo Today Local News

හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනවා – GMOA කියයි

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, හදිසි මිලදි ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා ද ඒවාට වැයකර ඇති මුදල කොපමණද යන්න දැන ගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදි ගැනීම්වලින් ඉවත්ව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Related posts

සම්බුදු උපත සැපතකි

colombotoday

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

colombotoday

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin

අයවැය ප්‍රකාශය : භාවිතා නොකරන ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදාගැනේ

Admin

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin