චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් ආර්ථික වර්ධනය සහ වෙළඳ අවස්ථා සඳහා ආසියාව සමග ඇති සම්බන්ධතාව ඉස්මතු කරමින් ඉලක්කගත සංවර්ධන සැලසුම්ද ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.