Colombo Today Local News

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි හා තුන්වැනි වසර සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එහි ලේඛකාධිකාරි එච්.කරීම් මහතා සඳහන් කරන්නේ, පසුගිය 17 වැනිදා රාත්‍රියේ සිසුන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ පිළිබඳව විමර්ශනය සඳහා පංච පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ සිදුවීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා සිට දෙවන හා තුන්වැනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කෙරිණ.

සෙසු වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ලේඛකාධිකාරිවරයා සඳහන් කරයි.

Related posts

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික්ටොන් 38,500ක් ආනයනයට අනුමැතිය

colombotoday

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday