Colombo Today Local News

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්… අනියම් සහ ආදේශක සේවකයින්ට කඩිනමින් පත්වීම්..

පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බව රජය පවසයි.

ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 12,000 කි.

එය පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ද, ලබාගන්නා බවයි.

මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000කි.

Related posts

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

colombotoday

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday